සිනාසෙන ඔබ කවුද
රුවැත්තිය
ගතින් එන මුදු සුවඳ
අලවයි ඔබේ පාසය
සමා වන්න මට මේ මගේ හැටි
සිනාවිය නොහැක මට මහ මඟ
ආඩම්බර කමක් නිසා නොවෙයි
ප්‍රශ්න වැඩි නිසයි
ගන්න පඩි මදි
ගෙවන්න ජීවිතය
නිති යනෙනා සතහට
සිනාසෙන්නේ ආචාර කරන්නේ
සරි කර ගන්න ජීවිකාව
ආදරය කරුණාව තමයි මගෙ වෙළදාම
යුග කොපුල් බිතැ උදුල මිණි කොඩොල් සසල
ගත්තෙ මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්
බෑ මට විතරක් ගොඩේ වෙන්න
පොෂ් නැතොත් කුමට මේ ජීවිතය
නැතොත් පොෂ් බව උහු නොදෙත් ජීවත් වෙන්න
නොමැත මේ රැකියාව නොමැති දා හැකියාව