Thursday, May 29, 2014

සිනාසෙන ඔබ කවුද

සිනාසෙන ඔබ කවුද
රුවැත්තිය 
ගතින් එන මුදු සුවඳ 
අලවයි ඔබේ පාසය

සමා වන්න මට මේ ම‍ගේ හැටි 
සිනාවිය නොහැක මට මහ මඟ 
ආඩම්බර කමක් නිසා නොවෙයි 
ප්‍රශ්න වැඩි නිසයි 

ගන්න පඩි මදි 
ගෙවන්න ජීවිතය 
නිති යනෙනා සතහට
සිනාසෙන්නේ ආචාර කරන්නේ 
සරි කර ගන්න ජීවිකාව 
ආදරය කරුණාව තමයි මගෙ වෙළදාම 
යුග කොපුල් බිතැ උදුල මිණි කො‍‍ඩොල් සසල
ගත්තෙ මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් 
බෑ මට විතරක් ගොඩේ වෙන්න 
පොෂ් නැතොත් කුමට  මේ ජීවිතය 
නැතොත් පොෂ් බව උහු නොදෙත් ජීවත් වෙන්න
නොමැත මේ රැකියාව නොමැති දා හැකියාව 

මල් වැස්ස

මල් වැස්ස පොදින් පොද
හරා ගෙන බැකෝවකින්
හදේ ඉසියුම් තැන් සියල්ල
ගොජ ගොජ ගා ගලන
ලේ ගංගාවක් මැවී